නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ 38 දෙනෙකු නාවික භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට ගිනිකොණ මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 11 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 38 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 11 වන දින දහවල් කාලයේ අම්පාර ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද (06) ඇතුළුව පිරිමි පුද්ගලයන් 26ක්, කාත්තාවන් 05ක් හා ළමුන් 07 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම එහිදි සිදුකරන ලද වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණයවූ අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරනය විය.

තවද, වයස අවුරුදු 02ත් 60ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, වව්නියාව, වාලච්චේන, හලාවත, කල්පිටිය, උඩප්පුව, ජාඇල සහ මීගමුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පානම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබයි. ඒ අනුව, එලෙස නීති විරෝධීව මුහුදු මÛින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රීලාංකිකයන් 12 දෙනෙකුගෙන් හා 15 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායම් දෙකක් අත් අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් ගුවන් මÛින් මෙරටට පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පසුගිය මැයි මස 24 වන දින හා ජුනි මස 09 වන දින කටයුතු කරනු ලැබීය.

එමෙන්ම එලෙස පිටුවහල් කරනු ලබන නීති විරෝධී සංක්‍රමණිකයන් හට පසුව නීත්‍යානුකූල ලෙස එරටට සංක්‍රමණය වීමේ අවස්ථාවද අහිමි විය හැක.

එමෙන්ම, මෙවැනි මිනිස් ජාවාරම් සඳහා පැරණි හා දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ බහුදින ධීවර යාත්‍රා යොදාගන්නා බවට දිගින් දිගටම නිරීක්‍ෂණය වන බැවින්, එවැනි යාත්‍රා මගීන් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් තම ජීවිත විශාල අවදානමකටද ලක්විය හැකි බවත් නාවික හමුදාව මහජනතාව වෙත අනතුරු අගවා සිටියි.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »