Opal කාඩ්පත වැඩි දියුණු කරයි – නවතම ප්‍රවාහන ඇප්ලිකේෂනයක්

ප්‍රවාහන කටයුතු සඳහා පමණක් වෙන්වු නවතම ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් හඳුන්වාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

කුලී රථ වෙන් කරවා ගැනීම් – E-bike කුලියට ගැනීම – ටැක්සි සේවා සහ Parking වැනි සියලු කටයුතු එකම ඇප්ලිකේෂනයක් මගින් සිදුකර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

පුද්ගලයන් 10,000 ක් යොදාගනිමින් මෙහි මූලික අත්හදා බැලීම මාස 12 ක් පුරා සිදුකෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉදිරි අයවැයෙන් මේ සඳහා වෙන් කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 570 ක්.

2012 වසරේ සිට හඳුන්වා දුන් Opal කාඩ්පත වැඩි දියුණු කිරීමද මීට සමගාමීව සිදුකෙරෙනු ඇති.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »