ශ්‍රී ලංකාවේ මුව ආවරණ රෙගුලාසි ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නියෝගය ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කර ඇති නියමයක දැක්වෙන්නේ කිසියම් අයෙකුට ශ්වසන

රෝග ලක්ෂණ පවතී නම් මුව ආවරණ භාවිතය වඩාත් යෝග්‍ය බවයි.

කිසියම් අයෙකුට ස්වකැමැත්තෙන් මුව ආවරණ භාවිතයට කිසිදු බාධාවක් නොමැති බව අදාළ නියමයේ සඳහන්.

මේ අතර නිරීක්ෂණාත්මක පරීක්ෂණයක් (screening test) ලෙස පී සී ආර් හෝ රැපිඩ් පරීක්ෂණ සිදු නොකල යුතු බවද අසේල ගුණවර්ධන මහතා සඳහන් කලා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »