ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වේ.

ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය වේ.
The Sri Lankan Stock Market goes full digital.- ‘Hyper-Leap to the future’

ඒ අනුව​, මුද්‍රිත ප්‍රකාශන නිකුත් කිරීම අත්හිටුවමින් ගිණුම් ප්‍රකාශන නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදය (electronically) හරහා පහසුකම් සැලසීම සහ ලැයිස්තුගත සමාගම් විසින් ලාභාංශ ගෙවීම් කිරිමේදී කොටස් හිමියන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම විද්‍යුත් තැන්පතු සිදු කිරීම් මෙමඟින් සිදු කෙරේ.
මෙම ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආයෝජකයින් හට ශාඛා කාර්යාලයකට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වේ.
එපමණක් නොව වඩාත් විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත කරමින් CSE , SEC හා CDS වෙබ් අඩවි නව්‍යකරණයට ලක් කර තිබේ.
සුවිශේෂී වශයෙන් ආයෝජන අධ්‍යාපනය හා මූල්‍ය සාක්ෂරතාව අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව YouTube නාලිකාවක් ද හඳුන්වා දෙන​ ලදී.
තවද​, නව අයෝජකයින් හට ක්ෂණිකව ආයෝජනය කල හැකි වන අයුරින් කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකථන යෙදුමෙහි නවතම සං ස්කරණයක් හරහා ගිණුම් විවෘත කල හැකි අතර වෙළෙඳ ගනුදෙනු සිදු කිරීම, ගෙවීම් පියවීම සහ සිය ගිණුම් පහසුවෙන් නිරික්ෂණය කල හැක.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »