ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාවන්ට සංශෝධනයක්

ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාවන්ට සංශෝධනයක්
An amendment to the age limit for children and youth in Sri Lanka

ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ සඳහා වන යෝජනාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට අද​ (16) ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන ලෙස විවිධ පර්ශ්ව රජයෙන් ඉල්ලා තිබුණා.

මේ අතර තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 ත් 22 ත් අතර ලෙස සංශෝධනය කෙරෙනු ඇති බව වාර්තා වේ.
දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16 ත් 22 ත් අතර වයස් සීමාව සැලකෙනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »