අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 18 ක් ඇතුලු 21 දෙනෙකු මිය යයි

අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි එරට වාර්තා සඳහන් කලේ.

ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරය හමුවේ 18 හැවිරිදි සැකකරුද මියගොස් තිබෙනවා.

අදාළ සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බවයි අමෙරිකා වාර්තාවල දැක්වෙන්නේ.

මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට අමෙරිකානු බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »