ඖෂධ අර්බුදයෙන් ගොඩ එන්න ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවෙි අද (24)පැවසුවාය.

ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2 ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද ඇය කීවාය.

එසේම වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය සදහන් කළාය.

මෙරට ළදරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවෙන බවද ආචාර්ය අලාකා සිං තවදුරටත් සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහාය අැගැයීමට ලක් කළ අතර ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් රැසක් දක්වන සහයෝගය ද අගය කළේය.

ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද කළේය.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »