අගමැති ඇල්බනීස් ජපානයට

සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා පිටත්ව ගිය අගමැති ඇන්තනී ඇල්බනීස් ජපානයට ළගාවී තිබෙනවා.

අද පැවැත්වෙන ක්වඩ් හෙවත් අමෙරිකා – ඉන්දියා සහ ජපාන රාජ්‍ය නායකයන්ද සහභාගී වන සමුලුවට ඔහු සහභාගී වනු ඇති.

නව විදේශ අමාත්‍ය පෙනී වොංග් ද අගමැතිවරයා සමග මෙම සමුලුවට එක්ව සිටිනවා.

ආරක්ෂක කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ.

මෙම සමුලුව නිමවා අද රාත්‍රියේ යළිත් ඔස්ටේ්‍රලියාව බලා පිටත්වන අගමැති ඇල්බනීස් නව අමාත්‍ය මණ්ඩලය පත් කර අවසන් කිරීම හෙට දිනයේදී සිදුකරනු ඇති.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »