ලිබරල් සන්ධානයේ සංක්‍රමණ ප්‍රතිපත්ති මාලාව එළිදක්වයි

ඉදිරි ෆෙඩරල් මැතිවරණය වෙනුවෙන් පාලක ලිබරල් සන්ධානයේ සංක්‍රමණ ප්‍රතිපත්ති මාලාව එළිදක්වා තිඛෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews සහ සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසිනුයි ඊට අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ.

අහෝසි කරන බවට ලේබර් පක්ෂය දී ඇති මැතිවරණ පොරොන්දුව මෙමගින් දැඩි විවේච්චනයට ලක් කර තිඛෙනවා.

දේශ සීමා ආරක්ෂණය පිළිබඳ සැබෑ ලෙසම කටයුතු කරන්නේ කවුරුන්ද යන්න ඉන් පැහැදිලි වන බවයි ලිබරල් සන්ධානය අවධාරණය කරන්නේ.

සන්ධාන රජය හරහා අනවසර සංක්‍රමණ බෝට්ටු නතර කිරීමටත් – මිනිස් ජාවාරම් සහ මුහුද මැද මරණ බින්දුවට අඩු කිරීමටත් හැකි වූ බව මෙම නිවේදනයේ දක්වා තිඛෙනවා.

එමෙන්ම විදේශීය අපරාධකරුවන් ඔස්ටේ්‍රලියාවේ රැඳවුම් භාරයේ සිටින අතරතුර වන වියදම් ඔවුන් විසින්ම දැරීමට අදාළ නීති මැතිවරණයෙන් පසු හඳුන්වාදීමටද ලිබරල්් සන්ධාන රජය සැළසුම් කර ඇති බවයි මෙහි අන්තර්ගත වන්නේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »