ඇඳිරි නීතිය හෙට පෙරවරු 07 දක්වා දීර්ඝ කරයි

මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 07 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක,

පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවයි.

මේ අතර අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊයේ සිට එය බලාත්මක වන බවයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »