ගෝඨාගෝගම ට දරුණු ප්‍රහාරයක් – 09 ක් ජාතික රෝහලට

අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් අද දිනයේදී අරලියගහ මන්දිරය අසලට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් විසින් ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පැමිණ එහි තිබු පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල කර සිටිනවා.

එම පරිශ්‍රයේ දින 31ක් පුරා පැවති සාමකාමී අරගලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පැමිණ එහි තිබු කුඩාරම් ඇතුළු ඉදිකිරීම් වලට පහරදුන් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සහ සාමකාමී විරෝධතාවයේ නිරත පිරිස් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය ගාලු මුවදොර වටරවුම අසල කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් යොදවා සිටියද ඔවුන් එම ස්ථානය පසුකරමින් ඉදිරියට පැමිණ තිබුණා.

මේ වන විට එම ස්ථානයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වන විට ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »