අගමැතිකම ගන්නැයි කල ඉල්ලීමට සජිත් බෑ කියයි

අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන අන්තර්වාර පාලනයක් ඇති කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අන්තර්වාර පාලනයක් ඇති කරන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන යෝජනාවලට යටත්ව ක්‍රියාකරන ආණ්ඩුවකට සහය දීමට පමණක් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි එකග වූ බවයි.

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදී, ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ නීතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෛනවා.

අදාළ යෝජනාවලිය පිළිබඳ එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සමගි ජන බලවේගය සඳහන් කලේ.

රටේ දැනට උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳීම සඳහා මෙම යෝජනාවලිය මත පදනම්ව ජාතික වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබා දීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය ඊයේ තීරණය කලා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු කරුණු රැසක් පදනම් කරගත් වැඩසටහනකට පමණක් සමගි ජන බලවේගයේ සහය හිමිවන බවයි තිස්ස අත්තනායක කියාසිටියේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »