ඇතැම් නිළධාරීන් වැරදි උපදෙස් දීලා

රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බී බී සී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

රජය බලයට පත්වූ විගස අතිවිශාල බදු සහන ලබා දෙමින් ආදායම ගැන තැකීමක් නොකර තීරණ ගැනීම නිවැරදි තීරණයක්දැයි ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ එය නිවැරදි නොවන තීරණයක් බවයි.

එය නිවැරදි තීරණයක් නොවන නමුත් එම අවස්ථාවේ දී දේශීය ව්‍යාපාර පිළිබඳ සිතා ගත් තීරණයක් බවද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියා.

ආර්ථික තීරණ ගැනීමට දේශපාලකයින්ට පුළුවන්කමක් නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ රුපියල පා කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඇතැම් නිලධාරීන් වැරදි උපදෙස් දී ඇතැයි පිළිගැනීමට සිදුවන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »