අගමැති මහින්ද සඳුදා යයි ???

අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඊයේ රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැතිවරයා ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇතැයි සඳහන්.

රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් අගමැතිවරයා ඉල්ලා අස්වීම යෝග්‍ය බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී පෙන්වා දී ඇතැයි සඳහන්.

ඒ සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද සහය පළකර ඇති බවටයි වාර්තා පළවන්නේ.

එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බවයි.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇති.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »