නිවසක් මිළදී ගන්නන්ට ලේබර් පක්ෂයෙන් සුභ පණිවුඩයක්

ඔස්ටේ්‍රලියානුවන් දහස් සංඛ්‍යාත පිරිසකට අවස්ථාව සැලසෙන පරිදි නිවාස මිළ ගණන් අඩු කිරීමට පියවර ගන්නා බව කම්කරු පක්ෂය පවසනවා.

විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් අද පර්ත් හිදී එය නිල වශයෙන් එළි දැක්වීමටද නියමිතයි.

අඩු සහ මැදි ආදායම් ලබන පුද්ගලයන්ට නිවසක් හෝ දේපළක් මිළදී ගැනීම පහසු කිරීම මෙහිදී සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

වාර්ෂිකව ඩොලර් 90,000 ක උපරිම ආදායමක් ලබන තනි පුද්ගලයෙකු හෝ ඩොලර් 120,000 ක ආදායමක් උපයන යුවළකට අලුතින්ම නිවසක් මිළදී ගැනීමේදී සියයට 40 ක්ද දැනට පවතින නිවසක් මිළයට ගැනීමේදී සියයට 30 ක්ද රජය විසින් දැරීම මේ යටතේ සිදුවනවා.

වසරකට පුද්ගලයන් 10,000 කට පමණ මෙමගින් සෙත සැළසෙනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ලේබර් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පර්ත් හිදී එළිදැක්වෙන අතර මෙවර මැතිවරණයේදී බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණාත්මක වනු ඇති බවද සඳහන්.

https://www.9news.com.au/national/federal-election-2022-labor-to-unveil-housing-affordability-plan/359fb699-98f9-4d4f-adb7-38218d86f010

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »