නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේත් E-scooter භාවිතයට අවසර

E-scooter අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ජූලි මාසයේ සිට එය ආරම්භ කරන බවයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය රොබ් ස්ටෝක්ස් සඳහන් කලේ.

ඉන්ධන භාවිතය අවම කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස E-scooter භාවිතය වඩාත් ලාභදායී වීම සැලකිල්ලට ගෙනයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයද E-scooter අත්හදා බැලිමේ නියමු ව්‍යාපෘතියක නිරත වනවා.

ඊට අමතරව ACT, Northern Territory සහ Tasmania යන ප්‍රාන්තවලද E-scooter භාවිතයට අවසර දී තිබෙනවා.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »