Breaking: බය වෙන්න එපා – මම අස්වෙන්නේ නැහැ – මහින්ද

තමා ඉල්ලා අස්නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා සංසදය අතර අරලිය ගහ මන්දිරයේ අද (26) පැවති හමුවකදී ය .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී ඒකමතිකව යෝජනාවක් සම්මත කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පවසා ඇත.

“නැහැ මම අස්වෙන්නේ නැහැ. බය වෙන්න එපා”

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »