රුපියල තවත් බාල්දු වෙයි

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 345 අගයක් දක්වා අද (25) පහළ වැටිණි.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද

ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.0000 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 342.4979 ක් විය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »