මෙල්බන් නගරය සඳහා අලුතින් ට්‍රෑම් රථ 100 ක්

මෙල්බන් නගරය සඳහා අලුතින් ට්‍රෑම් රථ 100 ක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඒ සඳහා වැය කෙරෙන මුදල ඩොලර් බිලියන 1.85 ක්.

මීට අමතරව මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේ ට්‍රෑම් රථ නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

2025 වසර වනවිට මෙම නව ට්‍රෑම් රථ ධාවනයට එක් කෙරෙනු ඇති.

දැනට මෙල්බන් නගරය පුරා ධාවනයට යොදවා ඇති උස් පතුළ සහිත ට්‍රෑම් රථ කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඒ වෙනුවට මෙම නව ට්‍රෑම් රථ එක් කිරීමට නියමිතයි.

වික්ටෝරියා ඉතිහාසයේ එකවර වැඩිම ට්‍රෑම් රථ සංඛ්‍යාවක් ඇණවුම් කෙරෙන පළමු අවස්ථාවද මෙය වනවා.

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »