ශ්‍රී ලංකාව තුළ දූෂණය අත්හිටුවන ලෙස ඉල්ලා ඔස්ටේ්‍රලියාවෙන් ඔන්ලයින් පෙත්සමක්

ශ්‍රී ලංකාව තුළ දූෂණය අත්හිටුවා නීතීයේ ආධිපත්‍යය ස්ථාපිත කරන ලෙස ඉල්ලා ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

එමගින් සාර්ථක ආර්ථික වර්ධන වේගයක් අත්කරගත හැකි බවයි මෙම පෙත්සම මගින් දක්වා ඇත්තේ.

ණය ආපසු ගෙවීම අත්හිටුවීම හමුවේ මේ වනවිට රට බංකොළොත්භාවයකට පත්ව ඇතැයිද වැරදි ආර්ථික තීන්දු ඊට හේතුවී ඇතැයිද එහි සඳහන්.

මෙම තත්වයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ධුරයෙන් ඉවත්විය යුතු බවටත් කඩිනමින් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කල යුතු බවටත් පෙත්සමෙන් යෝජනා කර තිබෙනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමද තවත් යෝජනාවක්.

පහත Link එකට පිවිසීමෙන් ඔබටත් මේ සඳහා අත්සන් තැබිය හැකි වනවා.

https://chng.it/2vHzZ9Rt

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »