පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලන මෙල්බන් විරෝධතාවය ඇරඹෙයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මෙල්බන් Federation Square හි පැවැත්වෙන විරෝධතාවය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා සිටින ලාංකිකයන් කලු පැහැති ඇඳුමින් සැරසී ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

කිසිදු දේශපාලන අරමුණකින් තොරව සංවිධාන කෙරෙන මෙම සාමකාමී විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඩ නැගීමයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එළඹෙන 03 වන පාස්කු ඉරිදාව අදට යෙදී තිබෙනවා.

PICS :

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »