පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා හෙට මෙල්බන් නුවරදී දැවැන්ත විරෝධතාවයක්

FEDERATION SQUARE

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉල්ලා සංවිධාන කෙරෙන දැවැන්ත විරෝධතාවයක් හෙට මෙල්බන් නුවරදී පැවැත්වෙනවා.

මෙල්බන් federation square අසලදී හෙට එනම් ඉරිදා පස්වරු 03 ට එය ආරම්භවීමට නියමිතයි.

කලු පැහැති ඇඳුමින් සැරසී මේ සඳහා සහභාගී වන්නැයි මෙල්බන්වාසී මෙන්ම ඔස්ටේ්‍රලියාවේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරෙනවා.

කිසිදු දේශපාලන අරමුණකින් තොරව සංවිධාන කෙරෙන මෙම සාමකාමී විරෝධතාවයේ මූලික අරමුණ වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඩ නැගීමයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු එළඹෙන 03 වන පාස්කු ඉරිදාව හෙටට යෙදී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »