ඔස්ටේ්‍රලියාවේ සිට ඇවිත් තනතුර භාරගත් ලංකාවේ නව මහ බැංකු අධිපති සැලසුම් හෙළි කරයි

මහ බැංකුවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒමට ඇති එක් මාර්ගයක් බව මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහ බැංකුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ පවතින තත්වය හමුවේ එක්වරම ආර්ථික වර්ධන වේගයක් ලගාකර ගැනීමට නොහැකි බවයි.

කෙසේ නමුත් සිදුකිරීමට අපේක්ෂිත වැඩපිළිවෙල යටතේ ආර්ථික මට්ටම යහපත් තත්වයකට ළගාකර ගැනීමට හැකිවනු ඇතැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

තමන් එම කටයුත්ත සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමෙන් පසුව මේ අවදානම භාර ගෙන මෙරටට පැමිණි බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කර සිටියේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එහි ක්‍රියාවලිය එය ඊයේ රාත්‍රියේ සිට ම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කලා.

ලබන 11 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »