ඔස්ටේ්‍රලියා ආයතනයක් කැස්සෙහි ශබ්දයෙන් කොවිඩ් හඳුනාගත හැකි App එකක් නිපදවයි

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 40 ට අඩු වයස් ඛාණ්ඩයේ සැළකිය යුතු පිරිසක් බූස්ටර් එන්නත ලබාගැනීමට කැමැත්තක් නොදක්වන බව කොවිඩ් කාර්ය සාධක බලකාය පවසනවා.

එහි අණදෙන නිලධාරීවරයා සෙනෙට් සභාවක් හමුවේ සඳහන් කලේ පුද්ගලයන් නව කොවිඩ් ප්‍රභේද සඳහා තවදුරටත් බිය නොවිම ඊට හේතුව බවයි.

මේ අතර කැස්සෙහි ශබ්දය මගින් කොවිඩ් වෛරසය හඳුනාගත හැකි නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් නිර්මාණයට ඔස්ටේ්‍රලියානු ආයතනයක් සමත්වී තිබෙනවා.

ඒ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ද සහයෝගය ඇතිවයි.

ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ රෝගීන් 741 දෙනෙකුගේ නියමු සායනික පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයන් 92% ක් නිවැරදිව හඳුනාගැනීමට ඊට හැකියාව ලැබුණු බවයි එම සමාගම සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »