උද්ඝෝෂකයන්ට නීතිඥ සහාය නොමිලේ

සාමකාමි විරෝධතාවල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස නීතීය හමුවට පමුණුවන ඕනෑම තරාතිරමක පුද්ගලයන් වෙනුවෙන් ගාස්තු රහිතව පැය 24 පුරාම නීතීඥ සහය ලබාදීමට තීරණය කොට ඇත.

කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය එම පුද්ගලයන් වෙනුවෙන් නඩු අවසන් වනතුරු නොමිලේ අධිකරණවල පෙනීී සිටීමටද තීරණය කොට ඇත

සාමාන්‍ය ජන ජීවීතය පවත්වාගෙන යෑමට නොහැකි වන ආකාරයට රට තුළ මතුව ඇති අර්බුදකාරි තත්වය සහ ජනාධිපතිවරයා විසින් හදිසි නීතීය පැනවීම නිසා ඇතිවන ගැටළු සාකච්ඡා කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය කැඳවනු ලැබු හදිසි මහ සභා රැස්වීමකදී සමකාමී මහජන විරෝධතා පැවැත්වීමට ඇති අයිතිවාසිකම උපරිම ලෙස පිළිගන්නා බව එහි සාමාජිකයන් යෝජනා සම්මත කරගත් බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ රසික සංජීව මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ

මේ සඳහා හදිසි අවස්ථා රෙගුලාසි සම්බන්ධයෙන් ප‍්‍රාමාණික දැනුම ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ සංජය ගමගේ  පී.ඞී. පෙරේරා, ඇන්ජලෝ බෙනඩික්ට්, සුගත් හෙට්ටිආරච්චි, සරත් සොයිසා, මනෝජ් නානායක්කාර, පාලිත සේනාරත්න, සුසන්ත කුමාර යන නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක්ද පත් කොට ඇත

සාමකාමි විරෝධතා වල නිරතවීම හේතූවෙන් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගනු ලැබු හෝ නීතීය හමුවට පැමිණවු පුද්ගලයන්ට 071 8316948 සහ 070 7302025 යන දුරකථන අංකවලින් මෙම නීතීඥ කමිටුව සමඟ සම්බන්ධ විය හැක.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »