ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 5.00ට මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේ දී රැස්වීමට නියමිතය.

ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිවරයාගේ නිල

නිවසේදී රාත්‍රියේ රැස්වූ නමුත්, මන්ත්‍රිවරු දාහතර දෙනාගෙන් තිදෙනකු සහභාගී නොවීම නිසා, පස්වරුවේ රැස්වන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබද තීරණයක් ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හෙට හෝ අනිද්දා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනව වෙනම අසුන් ගැනීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »