සමාජ මාධ්‍ය අවහිරතාව ඉවතට

සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව අද (03) සවස 3.30 ට ඉවත් කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කලා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත් හිටවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කලා.

ඒ අනුව ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රම්, ටෙලිග්‍රෑම්, වට්ස් ඇප් සහ ට්විටර් යන සමාජ ජාල වෙත පිවිසීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණා.

කෙසේවෙතත් බොහෝ දෙනා VPN තාක්ෂණය යොදාගෙන සමාජ ජාල වෙත පිවිසී සිටිනවා.

අද (03) වනදා රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්ව තිබියදී ජනාධිපතිවරයා විසින් රට තුළ ඇඳිරි නීතියද පණවනු ලැබුවා.

එය හෙට උදාසන 06 ට අවසන්වීමට නියමිතයි.

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »