යුක්රේන ජනපති හෙට ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අමතයි

හෙට (31) දිනයේදී ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුව ඇමතීමට යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සූදානම් වනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ හෙට පස්වරු 05 යි 30 ට ඔහු ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සඳහන්.

විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් අයවැය පිළිතුරු කථාව කිරීමෙන් අනතුරුව යුක්රේන ජනාධිපතිවරයා විසින් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව අමතනු ඇති.

ඔහු මේ වනවිටත් බටහිර රටවල් රැසක පාර්ලිමේන්තු අමතා ඇති අතර රුසියාවට එරෙහි යුධ මෙහෙයුම් සඳහා ඔස්ටේ්‍රලියාව විසින් සපයන ලද දායකත්වය පිළිබඳ ස්තූතිය පළ කරනු ඇතැයි සඳහන්.

https://www.9news.com.au/national/russia-ukraine-update-president-volodomyr-zelenskyy-to-address-australian-parliament-on-thursday/275c4e3b-9ea1-4151-9b05-e815ca37a234

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »