ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලයි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මූලාශ්‍ර 02 ක් උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව වාර්තා කර ඇත්තේ.

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත 70% කින් පහත වැටී ඇති අතර අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය සඳහා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසනවා.

මේ හේතුවෙන් රුපියලේ අගයද පහත වැටී ඇතැයි රොයිටර් වාර්තාවේ වැඩදුරටත් සඳහන්.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අවස්ථාවක මෙම වාර්තාව පළවීමද විශේෂත්වයක්.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපතිවරයා – අග්‍රාමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයාද හමුවී තිබුණා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »