මෙල්බන් ලාංකිකයන් සම්බන්ධයෙන් නවතම තොරතුරු කිහිපයක්

මෙල්බන් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ලාංකික සංක්‍රමණිකයන් අතුරින් සියයට 49 ක් පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ මෙල්බන් නගරයයි.

2011 වසරේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයට සංක්‍රමණය වී ඇති ලාංකිකයන් ගණන දළ වශයෙන් 11,839 ක්.

මින් සියයට 58 ක් පමණ ළමුන් සහිත පවුල් වන අතර සියයට 21 ක් පමණ ළමුන් නොමැති පවුල් වනවා.

මෙම පිරිසෙන් සියයට 25.7 ක් පමණ විවිධ වෘත්තිකයන් වන අතර සියයට 16.6 ක් පමණ පරිපාලන අංශයේ සේවකයන් වනවා.

කම්කරුවන් සියයට 13.3 ක් / තාක්ෂණ අංශයේ සියයට 10.6 ක් සහ කළමණාකරුවන් සියයට 9.1 ක්ද ඒ අතර වනවා.

මෙම ලාංකිකයන් අතුරින් සියයට 15 ක් පමණ සෞඛ්‍ය අංශයේ රැකියාවල නිරත වන අතර තාක්ෂණ – නිෂ්පාදන – වෙළෙඳ සහ සත්කාර යන ක්ෂේත්‍රවලද සැළකිය යුතු පිරිසක් රැකියාවල නිරත වන බව සඳහන්.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »