Ausලංකා TV වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා

Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair ලබන ඉරිදා (20) පැවැත්වෙනවා.

ඒ Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදියි.

පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »