රත්රන් මිල නව වාර්තාවක් තබයි : පවුමක් ලක්ෂ එකහමාරයි

වෙළෙදපොලේ රන් මිල පළමු වරට රුපියල් එක්ලක්ෂ පනස්දහසේ සීමාව පසුකර ඇති බව හෙට්ටිවිදිය ආශ්‍රිත රන් කර්මාන්තකරුවන් පවසනවා.

අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රු.150,000ක් වූ අතර කැරට් 22 රන් පවුමක මිල සඳහන් වුයේ රුපියල් 139,000ක් ලෙසයි.

රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය මෙලෙස රන් මිලෙහි ඉහළ යාමට ප්‍රධාන සාධකයක් වී ඇති අතර, මෙරට වෙළෙදපොලේ රත්තරන් ප්‍රමාණය ද සිඝ්‍රයෙන් හිඟවෙමින් යන බවයි වෙළෙදපල ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.

අද දිනයේදී රන් අවුන්සයක මිල මේ සටහන් වන්නේ ඩොලර් 1974.71ක් ලෙසයි.

ඊයේ රන් අවුන්සයක මිල ඩොලර් 1980.21ක් ලෙස සටහන් ව තිබුණා.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »