ශේන් වෝන් වෙනුවෙන් වික්ටෝරියා හි රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක්

අභාවප්‍රාප්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ ශේන් වෝන් ගේ වියෝව සමස්ත ප්‍රාන්තයටම දැරිය නොහැකි පාඩුවක් වන බවයි.

ඔහු වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන්ට හා සමස්ත වික්ටෝරියානුවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ්‍ය අවමගුල් උත්සවයක් පැවැත්වීමට පියවර ගන්නා බවද ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

ශේන් වෝන් ගේ පවුලේ සාමාජිකයන්ට සිය බලවත් සංවේගය පළකරන බවයි අගමැතිවරයා නිවේදනය කලේ.

https://twitter.com/DanielAndrewsMP/status/1499888512740790272?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1499888512740790272%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fshane-warne-dead-russia-ukraine-live-updates-nsw-qld-flood-news-australian-cricket-legend-shane-warne-dead-at-52%2F1d29f7f4-3b18-4573-b3b5-23ba669a752d

PIC – YAHOO

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »