යුරෝපයේ විශාලම න්‍යෂ්ඨික බලාගාරයට රුසියානු බෝම්බ ප්‍රහාරයක්

යුරෝපයේ විශාලම න්‍යෂ්ඨික බලාගාරයට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වනවිට එය ගිනිගනිමින් පවතින බවයි එරට වාර්තා සඳහන් කලේ.

යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 25 ක් පමණ සපුරාලන්නේ ද මෙම බලාගාරයෙනුයි.

එහි විකිරණ ප්‍රමාණයේ ඉහළයාමක්ද නිරීක්ෂණය වී ඇතැයි යුක්රේන වාර්තා සඳහන් කලා.

යුක්රේන – රුසියානු අර්බුදය විසඳීමට ඇති එකම විසඳුම තමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් අතර පැවැත්වෙන මුහුණට මුහුණ සංවාදයක් පමණක් බව යුක්රේන ජනාධිපති වොලොඩිම්ර් සෙලෙන්ස්කි පවසනවා.

ඒ සඳහා තමා ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු අවධාරණය කලේ. මේ අතර සාම සාකච්ඡා සඳහා පහසුකම් සැළසීමට සුදානම් බවට සවුදි අරාබියද සහතිකයක් දී තිබෙනවා.

එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් පවසා ඇත්තේ රුසියානු – යුක්රේන ජනාධිපතිවරුන් සමග තමා දුරකථනය ඔස්සේ එය සාකච්ඡා කල බවයි.

දේශපාලන විසඳුමකින් ගැටලුව විසඳාගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර දෙරටෙහි නියෝජිතයන් අතර දෙවන සාකච්ඡා වටයද අවසන් එකගතාවයකින් තොරව ඊයේ නිමාවට පත්වුණා.

කෙසේවෙතත් සිවිල් වැසියන්ට ආරක්ෂිතව පළායාම සඳහා පහසුකම් සැළසිය යුතු බවටයි දෙපාර්ශවයම එහිදී තීරණය කර ඇත්තේ.

යුක්රේනයෙන් පළායන සරණාගතයන්ට වසර 03 ක සරණාගත වීසා සැපයීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර යුක්රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලම න්‍යෂ්ඨික බලාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ දිගින් දිගටම එල්ලවන රුසියානු ශෙල් වෙඩි ප්‍රහාර හේතුවෙනුයි.

මේ අතර රුසියානු බළලුන්ට කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට අවසර නොදීමට ජාත්‍යන්තර බළල් සම්මේලනය තීරණය කර තිබෙනවා.

ලබන මැයි මාදය අග දක්වා එය බලාත්මක වනු ඇති.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »