නිරුවත් දර්ශන ඉල්ලූ මෙල්බන්වාසී ලාංකික තරුණයාට වසර 13 ක සිර දඩුවමක්

නිරුවත් දර්ශන එවන ලෙස බාලවයස්කාර දැරියන්ට තර්ජනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මෙල්බන්වාසී ශ්‍රී ලාංකික සිසුවෙකු වන රන්පති අමරසිංහට වසර 13 හාමාරක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ වික්ටෝරියා අධිකරණයක් විසින් ඔහුට ඊයේ දඩුවම් නියම කල අවස්ථාවේදියි.

සරසවි සිසුවෙකු ලෙස සිටියදී සැකකරු අත්අඩංගුවට ගැණුනේ 2020 වසරේදීයි.

විමර්ශනවලදී අනාවරණය වූයේ මොහු අවුරුදු 10 ක් වියෙහි පසුවන බාලවයස්කාර දැරියන්ට පවා තර්ජන එල්ල කර තිබූ බවයි.

ඔවුන්ගේ අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ එවන ලෙසත් නොඑසේනම් වෙනත් අයගේ ඡායාරූප ගෙන සකස් කර ඒවා මිතුරන් හා ඥාතීන්ට යොමුකරන බවටත් සැකකරු විසින් දැරියන් බ්ලැක්මේල් කර තිබූ බවද සඳහන්.

ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහු සිර දඩුවම අවසානයේ යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇති.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »