රුසියාව යුක්රේනයේ යුධ මෙහෙයුමක් අරඹයි

යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ යුධ මෙහෙයුමක් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් රුසියාවේ වේලාවෙන් අද අලුයම අවසර ලබා දී තිබෙනවා.

රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු අදාළ කලාපයේ සිටින යුක්රේන සෙබලුන්ගෙන් ඉල්ලා සිටියේ අවි ආයුධ බිම තබා වහා යටත්වන ලෙසයි.

නොඑසේනම් ඇතිවන ලේ වැගිරීමක වගකීම යුක්රේනය විසින් දැරිය යුතු බවද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කලා.

යුකරේනය අත්පත් කරගැනීමට අපේක්ෂාවක් නොමැති බවත් රට පාලනය කල යුත්තේ කවුරුන්ද යන තීරණය යුක්රේන ජනතාව සතු බවත් ව්ලැඩිමීර් පූටින් ජනාධිපතිවරයා කියාසිටියා.

මේ අතර නැගෙනහිර යුක්රේනයෙන් මෙන්ම කිව් අගනුවර ඇතුලු ප්‍රදේශ රැසකින් ලැබෙන වාර්තා තහවුරු කරන්නේ විශාල පිපිරීම් ඇසෙමින් පවතින බවයි.

යුක්රේනයෙන් වෙන්වී ගිය කලාප 02 ක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බවද රුසියානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කලා.

මේ අතර ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ගැටුම් නවතා වහා සාකච්ඡාවලට එළඹෙන ලෙසයි.

සමස්ත ලෝකයම රුසියාවට ප්‍රතිචාර දක්වනු ඇතැයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

සියලු රාජ්‍යයන් යුක්රේන ජනතාව සමග සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

සියලු මිතුරු පාර්ශව සමග එක්ව එක්සත් ආකාරයෙන් රුසියාවට ප්‍රතිචාර දක්වන බවද අමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කලා.

මේ අතර රුසියාව විසින් යුක්රේනයට එරෙහිව යුධ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ 2014 වසරෙන් පසු පළමු වරට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »