රුසියාවට සම්බාධක පැණවීමට විපක්ෂයෙත් ප්‍රසාදය

යුක්රේන අර්බුදය පදනම් කරගනිමින් රුසියාවට සම්බාධක පැණවීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ප්‍රසාදය පළකරනවා.

අමෙරිකාව – බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අනුව යමින් ඔස්ටේ්‍රලියාව ගත් තීරණය අගය කරන බවයි ඔහු කියාසිටියේ.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට සෑම රටක්ම බැඳී ඇතැයිද තවත් රටක ස්වෛරීභාවයට බලපෑම් කිරීමට වෙනත් රටකට අයිතියක් නැතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

මේ අතර රජය ඊයේ දිනයේදී ගත් ක්‍රියාමාර්ගයට සහය පළකරන බවයි ඡායා කැබිනෙට්ටුවේ විදේශ අමාත්‍ය පෙනී වොංග් කියාසිටියේ.

යුක්රේන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරකටම සහය දක්වන බවද ඔහු ප්‍රකාශ කලා.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »