අඩුම ඉන්ධන මිල ලංකාවේ – මහ බැංකු අධිපති

කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ලංකාවේ ඉන්ධන මිල පවතින්නේ අඩු අගයක බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කර ඇත්තේ දීර්ඝ කලකට කලින් බවත් හෙතෙම පවසයි.

ලංකාව තුළ පෙට්‍රල් ලීටරයක් ඇමරිකානු ඩොලර් 0.88ක් ඩිසල් ලීටරයක් ඩොලර් 0.60ක් වන බවත් ලෝක බැංකු වාර්තාවක් ද උපුටමින් හෙතෙම සඳහන් කරයි.

තම Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටින බවද පවසන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ලබාදෙන්නේ එවන් උපදෙස් බවද සඳහන් කළේය.

නමුත් දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව ද ඔහු එහිදී පැවසීය.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »