X-Press Pearl වන්දි පිලිබද ඕස්ට්‍රේලියානු නීති සමාගමකින් උපදෙස් ගැනේ

ගිනි ගැනීමට ලක්වු MV -X Press Pearl නෞකා හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීමේ ඉදිරි කටයුතු  පිලිබදව නීති උපදෙස් ලබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමග කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි සදහන් කළේය.

වන්දි වශයෙන් මුදලින් රුපියල් බිලියනක පමණ මුදලක් මේ වන විට ලැබී ඇති බවත්, අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේවන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

නැව ගිනිගත් මොහොතේ ප්‍රධාන කාර්ය බවට පත් වුයේ ඉන් සිදු වන ව්‍යසනය අවම කර ගනිමින් නැවෙන් තෙල් කාන්දුවක් සිදු නොවන ආකාරයෙන් හා පාරිසරික හානි නොවන අයුරින් කටයුතු කිරීම බැවින් එය මනාව සිදු කිරීමට රජය කටයුතු කල අතර ඉන් පසුව නැවෙන් විසිරුණු භාණ්ඩ ඉවත් කිරීම සිදු කළ අතර එය මේ වන විටත් සියයට 90 ක පමණ ප්‍රමාණයක් සිදු  කර තිබෙන බව ද අමාත්‍යතුමා පැවසීය.

අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ නැව ගිනි ගැනීම හේතුවෙන් ඉවතට විසිරුනු භාණ්ඩ ඉවත් කර අවසන් වු වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාම අදියර කිහිපයක් යටතේ ක්‍රමානුකූලව සිදු කරන බවයි.

නැව ගිනි ගැනීමට ලක් වු අවස්ථාවේ සිට මේ දක්වා සියලු කටයුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා එක්ව කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »