කොවිඩ් එන්නත් දෙකම නොමැති වුවද Northern Territory වෙත ඇතුලුවීමට අවසර

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොමැති දේශීය පුද්ගලයන්ට වුවද Northern Territory වෙත ඇතුලුවීමට අවසර දී තිබෙනවා.

මාත්‍රා 02 ක් ගෙන නොමැති පුද්ගලයන්ට ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බර් 22 වන දිනයි.

එය කඩ කරන පුද්ගලයන්ට ඩොලර් 5000 ක දඩයක් ද පණවා තිබුණා.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ සිට එම රෙගුලාසිය ඉවත් කල බවයි Northern Territory රජය නිවේදනය කර සිටින්නේ.

ගතවූ පැය 48 තුළ නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තද කොවිඩ් රෙගුලාසි ලිහිල් කරනු ලැබුවා.

https://www.abc.net.au/news/2022-02-18/unvaccinated-travellers-can-enter-nt-under-covid-rule-change/100844500

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »