සමස්ත නිවු සවුත් වේල්ස් හෙදියන් සංකේත වැඩවර්ජනයක

How_to_become_a_registered_nurse_612px

සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා හෙදියන් අද පෙරවරු 07 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කලා.

වැටුප් වැඩි කරන ලෙස සහ රෝගීන් අනුපාතයට අනුව හෙදියන් සංඛ්‍යාව ඉහළ දමන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

සමස්ත ප්‍රාන්තය පුරා මෙලෙස හෙදියන් වර්ජනයක නිරත වන්නේ වසර 10 කට පමණ පසුව වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම වර්ජනය සිදු නොකරන ලෙස කාර්මික සබඳතා කොමිසම විසින් ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් හෙද වෘත්තීය සමිති වෙත දැනුම්දීමක්ද සිදුකර තිබුණා.

වෘත්තීය සමිතිවල ඉල්ලීම වන්නේ පොරොන්දු වූ පරිදි සියයට 2.5 ක වැටුප් වැඩි කිරීමක් වහා ලබාදිය යුතු බවයි.

https://www.9news.com.au/national/nsw-health-strike-nurses-to-walk-off-the-job-tomorrow-over-pay-staffing/7649981e-f9cf-450d-9615-22b05dbacd7a

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »