ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ / පැතුම් නිස්සංකට අවවාද

ඔස්ටේ්‍රලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී අසභ්‍ය වචන භාවිත කිරීමේ චෝදනාවට අදාලව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කර තිබෙනවා.

ඔහුට අප්‍රසාද ලකුණක්ද පිරිනැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත්තේ.

මේ අතර දෙවැනි විස්සයි විස්ස තරගයේ නියමිත වේලාවට පන්දුවාර නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට විස්සක දඩයක් නියම කර තිබෙනවා.

නායක දසුන් ශානක හා පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙම චෝදනාවලට අදාලව වරද පිළිගෙන ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Source : ICC

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »