නිදහස ලබා රංජන් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ????

හිටපු අමාත්‍ය රංජන් රාමනායකට ඉදිරියේදී නිදහස ලැබීමෙන් පසු ඔහු ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යනු ඇතැයි ඉරිදා පුවත්පත් ඇතුලු සති අන්ත මාධ්‍ය වාර්තා අනාවැකි පළකරනවා.

අද පළවු පුවත්පත් කිහිපයකම මෙවැනි වාර්තා පළකර තිබුණේ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින්.

LankaCNews වාර්තාව : 

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිට නම් රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව යටතේ නිදහස් නොවීම ගැන බරපතළ කනස්සල්ලකින් සිටින බව වාර්තා වෙයි.

මෙවර නිදහස් දිනයේ දීද ඔහුට නිදහස හිමි නොවීම සම්බන්ධයෙන් ඔහු යම් තරමකට කේන්තියකින් සිටිනා බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ කට ගැන ලැජ්ජා වන බවත් සිදුකළ ප්‍රකාශ ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කර සමාව ගැනීමටවත් සූදානම් බවත් ආසන්න දිනවල ඔහුගේ සුදු බැලීමට යන අය සමග පවසන බවද දැනගන්නට තිබේ.

මේ අතර වාර්තා වන්නේ රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිදහස් ලද පසු නැවත දේශපාලනයෙන් නොකරන්නට තීරණය කර ඇති බවයි.

ඔහු ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් පදිංචිය සඳහා යාමට සූදානම් වී සිටින් බවද සදහන්ය

දේශය පුවත්පතේ වාර්තාව

නළු මන්ත්‍රීගෙන් දැඩි තීන්දුවක්

දුරකථන පාටියේ හිරේ ඉන්න කෙනා ඔන්න ආවා මෙන්න ආවා කිව්වත් තවම නිදහස් කරගන්න බැරිවීම ගැන හැමෝම ඉන්නේ දුකෙන්ලු. විශේෂයෙන් එයා පවා ඉන්නේ දුකෙන්ලු. දැන් මේ දුක ටික ටික තරහට පෙරළිලාලු තියෙන්නේ. ඒ එයා ළඟ හිටිය ගොඩක් අය එයාව අමතක කරලා නිසා.

මෙයා මේ දවස්වල යන එන හැමෝටම කියනවලු ඇත්තටම එයාගේ තොරතෝංචියක් නැති කට ගැන ලැජ්ජ වෙනවා කියලා. එයා ඕන නම් ප්‍රසිද්ධියේ කණගාටුව ප්‍රකාශ කරලා සමාව වුණත් ගන්නන් කියලා.

කොහොම වුණත් එයා එළියට ආපුවම කාලයකට දේශපාලනය නොකරන්න එයාගේ පවුලේ අය තීරණය කරලලු තියෙන්නේ. පවුලේ අය දැනටමත් ලෑස්ති කරලලු තියෙන්නේ එයාව ආපු ගමන් ඕස්ට්‍රේලියාවට අරගෙන යන්න. ආයේ කාලෙකට ලංකාවට නොඑන්නම. ඒ තීරණයට එයත් කැමැත්තෙන්ලු ඉන්නේ.

https://www.deshaya.lk/article/47/GO%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%8A/20177/%E0%B6%B1%E0%B7%85%E0%B7%94-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »