ලැව්ගිනි බලපෑම් එල්ල වූ ජනතාවට තවත් අමතර $ මිලියන 110 ක මූල්‍යාධාර

Australian bushfires

2019-20 කාලසීමාවේදී පැවති දරුණු ලැව්ගිනි හමුවේ බලපෑම් එල්ල වූ ජනතාවට තවත් අමතර ඩොලර් මිලියන 110 ක මූල්‍යාධාර සැපයීමට ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට සපයන සමස්ත ආධාර මුදල ඩොලර් මිලියන 390 දක්වා ඉහළ යනු ඇති.

බලපෑම් එල්ලවූ ප්‍රජාවන්ට නැවත නැගී සිටීම සඳහා මෙම මුදල් ඉවහල් වනු ඇති බවයි ආපදා කළමණාකරණ ඇමතිනී බ්‍රිජට් මැකෙන්සි සඳහන් කලේ.

ජාතික ලැව්ගිනි අරමුදල යටතේ පවතින ඩොලර් බිලියන 2.2 ක මුදල්වලින් කොටසක් මේ සඳහා වෙන් කෙරෙන බවද ඇය කියාසිටියා.

අදාළ ලැව්ගිනි තත්වය හමුවේ හෙක්ටයාර මිලියන 24 ක ඉඩම් – නිවාස 3000 ක් විනාශ වූ අතර සහ බිලියන 03 කට ආසන්න සතුන් පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

https://www.7news.com.au/news/disaster-and-emergency/black-summer-victims-to-get-extra-110m-c-5669855

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »