ඔස්ටේ්‍රලියානුවන්ට මානසික උපදෙස් දීමට පැය 24 කෙටි පණිවුඩ සේවාවක්

විවිධ මානසික ගැටලුවලින් පෙළෙන ඔස්ටේ්‍රලියානුවන්ට මානසික සහන උපදෙස් ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක කෙටි පණිවුඩ සේවාවක් විසින් Lifeline හඳුන්වාදී තිබෙනවා.

0477 13 11 14 අංකයට ඕනෑම අවස්ථාවක රහසිගතව තම ගැටලුව ඉදිරිපත් කල හැකියි.

මූලික ප්‍රශ්න කිහිපයකින් පසු විධිමත් පුහුණුව ලත් සහන උපකාරී නිළධාරියෙකු හෝ නිළධාරිනියක වෙත අනතුරුව සම්බන්ධ කිරීම සිදුවනවා.

Lifeline හි දුරකථන සහ ඔන්ලයින් ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.

වසර 02 ක් පුරා සිදුකරන ලද සමික්ෂණයකට අනුව කෙටි පණිවුඩ සඳහා පුද්ගලන් වැඩි කැමැත්තක් පළකිරීම හමුවේයි මෙම නවතම සේවාව හඳුන්වාදී ඇත්තේ.

කොවිඩ් තත්වයත් සමග මානසික සහන ඉල්ලා සිටි ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර පසුගිය මාසයේ එක් දිනයකදී ඇමතුම් 3700 කට වැඩි සංඛ්‍යාවක් වෙත ලැබී තිබුණා.

එය වසර 58 ක ඉතිහාසයේ එක් දිනයකදී ලද වැඩිම ඇමතුම් සංඛ්‍යාව බවයි Lifeline නිවේදනය කලේ.

පසුගිය වසරේදී ඔවුන්ට ලැබී තිබු සමස්ත ඇමතුම් සංඛ්‍යාව 10 ලක්ෂ 70 දහස් 860 ක්.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »