Skilled Visa ප්‍රමාදයට හේතුව සංක්‍රමණ ඇමති පහදයි

සිරවී ඇති වීසා අයදුම්පත් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් සළකා බැලීම ආරම්භ කර ඇතැයි ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් දැනට ප්‍රමුඛතාවය දී ඇත්තේ Travel Exemption යටතේ රටට පැමිණීමට අවසර දී ඇති සංචාරකයන්ට සහ බැක්පැකර්වරුන්ට බවයි සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් කියාසිටියේ.

එයින්ද working holiday makers වීසා සඳහා මූලිකත්වය ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කලා.

මේ බව සඳහන් කලේ පුහුණු ශ්‍රමික වීසා (Skilled Visa) සඳහා දීර්ඝ කලකට පෙර අයදුම්පත් යොමුකර ඇතත් මෙතෙක් තීරණයක් ලැබී නොමැති බවට අයදුම්කරුවන් රැසක් කර තිබූ චෝදනාවලට පිළිතුරු දෙමිනුයි.

ලැබී ඇති සියලුම අයදුම්පත් සළකා බැලෙමින් ඇති බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් සංක්‍රමණ අමාත්‍යවරයා අවධාරණය කලා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව 190 වීසා කාණ්ඩය සඳහා අයදුම්පත්වලින් සියයට 75 ක් මාස 06 ක් තුළදීත් සියයට 90 ක් මාස 09 ක් තුළදීත් සළකා බලා අවසන් කිරීමටයි දින වකවානු සකස් කර ඇත්තේ.

SOURCE : SBS HINDI

https://www.sbs.com.au/language/english/australia-warns-further-delays-for-skilled-migrants-waiting-for-permanent-visas-invites-students-backpackers

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »