ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 30 කට ලංකාවෙන් වීසා ගාස්තු සහනයක්

ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ගුවන් මගීන්ට එම රටවල සිට ගෙවීම් කටයුතු සිදු කෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියා විරහිත වීම නිසා, ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපළේ දී අදාල ගෙවීම් කටයුතු සිදු කර වීසා ලබා ගැනීමේ පහසුකම ලබාදී තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ අමෙරිකාව – එක්සත් රාජධානිය – ඔස්ටේ්‍රලියාව – නවසීලන්තය – ජපානය – සිංගප්පූරුව – ප්‍රංශය සහ රුසියාව ඇතුලු රටවල් 30 කට එම පහසුකම හිමිවන බවයි.

මෙම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට එරට ගුවන් තොටුපළේ දී, ශ්‍රී ලංකාවට පැමිණීම සදහා වීසා ලබා ගෙන නොමැති නම්, ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානය වෙත පිවිසීමේ අවස්ථාව එරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් අත්හිටුවා තිබෙනවා.

එබැවින් මෙම නිවේදනය ඉහත රටවල ආගමන විගමන, ගුවන් තොටුපළ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යොමු කර ඇතැයි සඳහන්.

ඒ අනුව එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ, වීසා කටයුතු සදහා අදාළ ගෙවීම් සිදු කර ගත හැකි බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස වැඩිදුරටත් ප්‍රකාශ කලා.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »