රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුත්‍රයා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රාජ්‍ය අමැති අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ වයස අවුරුදු 23ක් වන අතර නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ රාත්‍රියේ රාගම පොලිස් ස්ථානය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව අත්ඩංගුවට ගත් සැකකරුවන් ගණන 07ක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අදාළ පහරදීමට පැමිණීම සදහා භාවිතාකළ සුඛෝපභෝගි මෝටර් රථය කලුබෝවිල ප්‍රදේශයේදී රාගම පොලිස් ස්ථානය මගින් භාරයට ගෙන ඇති බව සදහන්.

රාගම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »