මෙල්බන් ව්‍යාපාරික ස්ථානවලින් 1/3 ක් වැහෙන්න ඔන්න මෙන්න

නිරෝධායන රෙගුලාසි හමුවේ මෙල්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් තවදුරටත් වසා දමා තිබෙනවා.

ඊට හේතුව වන්නේ සේවකයන් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්ව සිටීම හමුවේ රාජකාරි සඳහා කැඳවිය හැකි සංඛ්‍යාව සීමාවීමයි.

නවතම ගවේෂණයකදී අනාවරණ වී ඇත්තේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන සදාකාලිකවම වසා දැමීමට ඒවායෙහි හිමිකරුවන් කටයුතු කර ඇති බවයි.

සේවකයන්ට හැකිතාක් නිවාසවල සිට සේවය කරන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මෙන්ම පාරිභෝගිකයන් සඳහා අවසර දී ඇති උපරිම ධාරිතාවයන්ද මීට තවත් හේතුවක්.

මෙල්බන් කවුන්සිලය විසින් කල සමීක්ෂණයකදී හෙළිවී තිබුණේ නගරයේ ව්‍යාපාරික ස්ථාන අතුරින් 1/3 ක් පමණ පවත්වාගෙන යනුයේ දැඩි අවිනිශ්චිත තත්වයක් යටතේ බවයි.

https://www.9news.com.au/national/victoria-lagging-behind-some-australian-states-in-covid19-booster-rollout/5a0d9cb2-6490-40f9-8797-6efd66bf4c1a

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »