ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් පිරිමි කේවළ අවසාන මහා තරගය අද මෙල්බන් හිදී

ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියේ තීරණාත්මක පිරිමි කේවළ අවසාන මහා තරගය අද රාත්‍රියේ මෙල්බන් හිදී පැවැත්වෙනවා.

ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායල් නඩාල් සමගින් රුසියානු ක්‍රීඩක ඩැනීල් මෙද්වදෙෆ් එහිදී තරග වැදිමට නියමිතයි.

අද තරගය රෆායෙල් නඩාල් විසින් ජයගතහොත් ඔහු ලබන 21 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයද එය වනු ඇති.

ඒ අනුව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණනාවක් ජයගත් ටෙනිස් ක්‍රීඩකයා බවටද ඔහු පත් වනවා.

සුපිරි ටෙනිස් ක්‍රීඩකයන් වන රොජර් ෆෙඩරර් සහ නොවැක් ජොකොවිච් ද ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් බැගින් ජයගෙන නඩාල් සහ සම තත්වයේයි පසුවන්නේ.

වසර 44 කට පසු ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනාගත් පළමු ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාව බවට ඈෂ්ලි බාර්ටි පත් වුණා.

ඒ කාන්තා කේවළ තරගයේදී ප්‍රතිවාදී අමෙරිකානු ක්‍රීඩිකාව පරාජයට පත් කරමින්.

මේ අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 03 ම එනම් විම්බල්ඩන් – ඔස්ටේ්‍රලියා විවෘත සහ ප්‍රංශ විවෘත යන ටෙනිස් ශූරතා 03 ම ඇය විසින් ජයගෙන අවසන්.

අවසන්වරට ඔස්ටේ්‍රලියානු කාන්තාවක විසින් ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක කාන්තා කේවල තරගයක් ජයගෙන තිබුණේ 1978 වසරේදියි.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »